වකුගඩු වල ගල්

ඉතා කුඩා වකුගඩු ගල් බොහෝ රෝගී ලක්ෂණ මතු කිරීමට හේතු නොවේ. ඒවා ඔබ මුත්‍රා කරන විටදී ඔබට නොදැනීම වේදනාවකින් තොරව පිටව යන්නට පුලුවන. විශාල වකුගඩු ගල් රෝග ලක්ෂණ ඇති කල හැකියි.. පහත ඒවාද ඇතුලු:

  • උදරයේ එක් පසෙකට වන්නට හෝ ඉකිලි ප්‍රදේශයේ වේදනාවක්.- පිරිමින්ට බොහෝ විට මේ වේදනාව වෘෂන කෝශ වල ඇති වීමට ඉඩ ඇත
  • ඉතා තද උණ
  • දහඩිය දැමීම
  • එන යන දැඩි වේදනාවක්
  • වමනය හෝ ඇගට අපහසුකාරී ලෙඩ ගතියක්
  • ඔබගේ මුත්‍රා සමඟ රුධිරය පිටවීම
  • මුත්‍රා ආසාදනයක්

අවහිර වූ මුත්‍රා වාහිනියක් හෝ වකුගඩු ආසාදනයක්

මුත්‍රා වාහිනී, ඔබේ වකුගඩු සහ මුත්‍රාශය සම්බන්ධ කරන නාල අවහිර කරන වකුගඩු ගලක් වකුගඩු ආසාදනයක් ඇති කිරීමේ හැකියාවක් තියනවා. මෙයට හේතුව නම් අපද්‍රව්‍ය වලට අවහිරතාවය මග හැරීමට නොහැකි වීම නිසා බැක්ටීරියාවන් වර්ධනය සදහා මග පැදේ මෙම වකුගඩු ආසාදන වල රෝග ලක්ෂණ වකුගඩු ගල් වලින් ඇති කරන රෝගී ලක්ෂණ වලට සමාන වීමට ඉඩ ඇත.. පහත ඒවාද ඇතුළු:

  • ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • සීතල හා වෙව්ලීම
  • ඉතා දුර්වල හෝ වෙහෙසකර ගතියක් දැනීම
  • පාචනය
  • දුර්ගන්ධ සහ වලාකුළු වැනි අපහැදිලි මුත්‍රා